27 C
Colombo
Friday, May 3, 2024

විචිත්‍රවත්ව අවසන්වූ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය ඉතා විචිත්‍රවත්ව ⁣ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

නවීන තාක්ෂණික ප්‍රයෝග සහ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිකාංගයන්ගෙන් එම විචිත්‍රත්වය ගොඩනංවනු ලැබුවා.

සාම්ප්‍රදායිකව ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයේදී මැරතන් පිරිමි තරගයේ ජයග්‍රාහකයන්ගේ පදක්කම් ප්‍රදානය සිදුවන නමුත් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවන්ට ද එම ගෞරවය හිමි වුණා.

කොවිඩ්19 තත්ත්වය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්⁣ට ඔලිම්පික් ගම්මානයෙන් පිටතට යෑමට අවසර හිමි.වූයේ නැහැ.

ඒ අනුව සති අන්තයේ ටෝකියෝ නගරයේ විචිත්‍රත්වය විදහා දැක්වෙන විශේෂාංගයක් සමාප්ති උත්සවයට එක්කර තිබුණේ එම අත්දැකීම ක්‍රීඩා උළෙලට එක්වූ සියලු දෙනාට විඳ ගැනීම සඳහායි.

මෙහිදී ටෝකියෝ නගරාධිපතිවරයා විසින් ඔලිම්පික් කමිටු සභාපතිවරයාට භාර දෙනු ලැබූ ඔලිම්පික් ධජය මීළඟ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන ප්‍රංශයේ පැරිස් නුවර නගරාධිපතිවරයා වෙත භාර කෙරුණා.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් පැරිස් නුවර පැවැත්වුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන්.

එම උත්සවයේ සජීව දර්ශනද ටෝකියෝ සමාප්ති උත්සවයේ දී විකාශය කෙරුණා.

ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්තිය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග දින 16ක් පුරා ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේ දැල්වුණු ඔලිම්පික් පහන ක්‍රමයෙන් නිවා දැමුණා.

ඒත් සමගින් දර්ශනීය මල්වෙඩි සංදර්ශනයකින් ටෝකියෝ අහස ඒකාලෝක වුණා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...