33 C
Colombo
Friday, May 3, 2024

ඔක්සිජන් මත යැපෙන රෝගීන් ගණන 75% කින් ඉහළ

- Advertisement -

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 75%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් රෝහල්වල ධාරිතාවද ඉක්මවා යමින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන ඉහළ යාමත් සමග ගෙවුණු දින 10ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන සංඛ්‍යාව මෙසේ ශ්‍රීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ජූලි මස 19 වනදා සිට ජූලි 28 වනදා දක්වා දින 10ක කාල සීමාවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ග සංඛ්‍යාව දෛනිකව 227 ත් 409 ත් අතර පරාසයක පැවැති නමුත් ජූලි 29 වනදා සිට අගොස්තු 07 වනදා දක්වා දින 10 තුළ එම සංඛ්‍යාව 441 ත් 602 ත් අතර පරාසයක් දක්වා වර්ධනය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ මීට පෙර පැවති තත්ත්වයට වඩා ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව වැඩිවී ඇති නමුත් ඔක්සිජන් හිඟ‍යක් නොමැති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවද ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය 05වනදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියේ මේ වන විට මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදාගන්නා තත්වයට පත්ව ඇති බවත් අවශ්‍යවන ඔක්සිජන් ප්‍රමාණය ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ආනයනය කිරීමට සිදුව ඇති බවත් ය.


RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...