28 C
Colombo
Saturday, May 4, 2024

ශවේන්ද්‍රගෙන් රනිල්ට ප්‍රතිප්‍රහාර

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, රණවිරුවන් විසින් සිදුකරනු ලබන සේවය පිළිබඳව රටේ ජනතාව තීරණය කළ යුතු බවයි.

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සිදු කරන කාර්යභාරය සහ ත්‍රිවිධ හමුදාව මගින් සිදුකරනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවේචනයට ලක් කළත් ඒ මහතා ද කෝවිඩ් එන්නත ලබා ගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල වන නාරාහෙන්පිට රෝහලට පැමිණ යුධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයෙන් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

එමෙන්ම, කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා බවත්, සෞඛ්‍ය සම්බන්ධයෙන් සිටින අමාත්‍යවරුන්, කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා විශේෂඥ වෛද්‍යවරුන් ද එහි සාමාජිකයින් වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව කාර්ය සාධක බලකාය ගනු ලබන තීරණ සාමුහික තීරණ මිසක තනි තීරණයන් නොවන බව ද ඔහු අවධාරණය කරන්නේ


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...