30.3 C
Colombo
Friday, April 26, 2024

වැඩබැරි කොවිඩ් කාර්ය සාධක බලකාය විසුරුවා හරින්න.! – රනිල්ගෙන් නැවතත් වෙඩිමුරයක්

- Advertisement -

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය වගකිව යුතු බවට හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පවසන්නේ මේ නිසා එම බලකාය වහාම විසුරුවා හැරිය යුතු බවයි.

වසංගත සම්බන්ධ ප්‍රාමාණික දැනුමැති වෛද්‍ය විශේෂඥයන් සිටියදී ඔවුන් පසෙකට දමා වසංගතය පිළිබඳ සියලු බලතල ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ලබාදුන් නමුත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවත් එම කාර්ය සාධක බලකාය ව්‍යවස්ථානුකූල නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

එය විසුරුවා හැරීමෙන් අනතුරුව නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ට වසංගතය පිළිබඳ තීන්දු ගැනීමේ බලය ලබාදිය යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...