26 C
Colombo
Monday, May 6, 2024

ත්‍රිකුණාමලය වරායෙන් අක්කර 33000ක් ඇමරිකාවට – වසන්ත සමරසිංහ

- Advertisement -

ත්‍රිකුණාමල වරායෙන් අක්කර 33,000 ක භූමියක් අමෙරිකාවට බදුදීමේ සූදානමක් ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඒ, පෙරේදා (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

චීනයට හම්බන්තොට වරාය ලබාදුන් ආකාරයටම අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දීමට සැලසුම් කරඇති බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා,

“චීනෙට හම්බන්තොට වරාය දුන්නා වගේ අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දෙන්න දැන් සැලසුම් සකස් කරලා කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියනවා. මොකද මේ ගොල්ලෝ විකුණන්න ඕන වුණාම හරි පහසුවෙන එක විකිණීම සඳහා පාවිච්චි කරන නම තමයි ආයෝජනය සඳහා අපි දෙනවලු එදා එම්.සී.සී. ගිවිසුම ගෙනල්ලා ත්‍රිකුණාමල වරාය ඇතුළු ප්‍රදේශවල සිට මේ පැත්තෙන් මීගමුව දක්වා වූ ප්‍රදේශයත් එම්.සී.සී. එක හරහා වෙනම කොරිඩෝවක් හදනවා කියලා කිව්ව එකේ දැන් පියවරෙන් පියවර සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කර තියෙනවා. ඒකට අපේ රටේ කැබිනට් මණ්ඩලය පහසුකම් සපයන්නන් බවට පත්වෙලා තියනවා.

ත්‍රිකුණාමල වරාය එහි පිරිපහදුවක් හදන්න තෙල් ටැංකි ටික සහිත වරායත් එක්ක අක්කර 33,000 ක් දෙනකොට කොරිඩෝවේම මැද කැල්ලක්වෙන කෙරවලපිටියේ බලාගාරය එල් එන් ජී බලාගාරයක් බවට පත් කරන්න අමෙරිකානු සමාගමට 40 % ක් දෙන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියනවා. ඒ වගේම එතනින් ගියාට පස්සේ නොරොච්චෝලේ තාප බලාගාරයත් එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න අවශ්‍යය කරන සැලසුම දැන් සකච්ඡා කරමින් ඉන්නවා එකත් අර අමෙරිකානු සමාගමටම දුන්නාම ආන්න කොරිඩෝව දිගටම හැදෙනවා නෑ කියපු එම්.සී.සී. අත්සන් නොකරම අමෙරිකාව කන මිරිකන්නෙත් නෑ ටොකු අනින්නෙත් නෑ කැබිනට් පත්‍රිකා දාලා ජාතික සම්පත් විකුණන වැඩේ කරමින් ඉන්නවා. ආණ්ඩුව වහාම ජාතික සම්පත් විකුණන්න දාලා තියන පනත් කැබිනට් පත්‍රිකා වහාම අකුල ගන්න.”


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...