25 C
Colombo
Thursday, May 9, 2024

නිදහස් දිනයදා ජම්මු සහ කාශ්මීරයේ ජාතික ධජ හිඟයක්

- Advertisement -

ඉන්දියාවෙි 75 වන නිදහස් දිනය යෙදුණු අද (15) ,ජම්මු සහ කාශ්මීරයේ දී අන්කවරදාකයත් නොවුණු ලෙස සැමරුම් උත්සව පැවැත්වූ බව වාර්තා වේ.

ඩෙකෑන් හෙරල්ඩ් පුවත්පත වාර්තා කරන්නේ මෙවර ඉන්දීය නිදහස් දින සැමරුම ඉහළින් සමරන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ද නියෝග කර තිබූ බවයි.

මේ අනුව ජම්මු සහ කාශ්මීරයේ පිහිටි සියලුම පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන, රජයේ ⁣ආයතන මෙන්ම ඇතැම් පෞද්ගලික ආයතනවලද ඉන්දීය ජාතික ධජ ඔසවා තිබූ බව සදහන් වේ.

මේ හේතුවෙන් ජම්මු සහ කාශ්මීරයේ ජාතික ධජ හිගයක් පැවති බවත්, වෙනදාට ඉන්දීය රුපියල් සියයකට මිලදී ගත හැකි ජාතික ධජයක් මෙවර ඉන්දීය රුපියල් 500 ක් පමණ වූ බවත් ඩෙකෑන් හෙරල්ඩ් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

කාශ්මීර සටන්කාමීන් විසින් දියත් කරන විරෝධතා සහ අනතුරු ඇඟවීම් හේතුවෙන් පෙර වසරවල ජම්මු සහ කාශ්මීරයේ, ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වූයේ සීමාසහිත ලෙසය.

මෙම වසරේදී එම තත්වය වෙනස් වී ඇති බවත් ඉන්දීය නිදහස් දිනය සැමරීම සදහා ජම්මු සහ කාශ්මීරයේ ඉහළ ජනතා සහභාගිත්වයක් පැවති බවත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...