29 C
Colombo
Saturday, May 4, 2024

අවම වශයෙන් සති තුනකට රට වහන්න – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ

- Advertisement -

අවම වශයෙන් සති තුනක කාලයකට හෝ රට වසාදමන්න යැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති අභියෝගය ජයගැනීම යන මැයෙන් ජනාධිපතිවරයාට යොමුකල මෙම ලිපිය කරුණු 7 කින් සමන්විත වනවා.

අදාළ ලිපිය මගින් ඔවුන් පවසා ඇත්තේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය ගැන තමන් දැනුවත් නමුත් මේ මොහොතේ රට අගුළු දැමීම අත්‍යාවශ්‍ය බවයි.

අවම වශයෙන් සති තුනක කාලයකට රට අගුළු දැමීමකින් තොරව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව රෝහල්වලට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන බව එම ලිපියේ සදහන්.

මීට පෙරද රට අගුළු දැමූ අවස්ථාවේදී කොවිඩ් රෝගීන් ගණන පහත වැටුණු ආකාරයද ඔවුන් මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට සිහිපත්කර තිබෙනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඒ.එල්.එම්.අතාවුල්ලා, ටිරාන් අලස්, ජී. වීරසිංහ, අසංක නවරත්න හා ගෙවිදු කුමාරතුංග යන පක්ෂ නායකයින් මෙම ලිපියට අත්සන් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...