30 C
Colombo
Saturday, May 4, 2024

පොට්ට නවුෆර් කොරෝනා ආසාදිතව මියයයි

- Advertisement -

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරු වී මරණ දඬුවම නියම කර සිටි පොට්ට නවුෆර් කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් පරීක්ෂණ කටයුත්තක් සඳහා පසුගියදා ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් තිබුණා. එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු විය.

2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය. මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යේශ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.

ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි. එවක අගවිනිසුරුවරයා විසින් අඹේපිටිය මහතා “අධිකරණ ක්ෂේත්‍රය තුල සිටි එඩිතර නිලධාරියෙකු බවත්, ඔහුගේ මරණය අධිකරණයට වූ විශාල පාඩුවක්” යනුවෙනුත් ප්‍රකාශයක් සිදුකරන ලදී.

අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...