26 C
Colombo
Tuesday, May 7, 2024

කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇමරිකානු හමුදාව ව්‍යාර්ථ කරයි

- Advertisement -

කාබුල් අගනුවරට එල්ල කිරීමට පැමිණි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇමෙරිකානු හමුදා විසින් ව්‍යර්ථ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් පැමිණි පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයකට ඇමෙරිකානු හමුදා ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්වේ.

කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට වයඹ දෙසින් සිදු වූ පිපිරීම හෝ මේ කියන ප්‍රහාරය එකක් ද දෙකක් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැත.

මීටටික වේලාවකට පෙර කාබුල් ගුවන් තොටුපොළට වයඹ දෙසින් දැවැන්ත පිපිරීමක් සිදු වූ බවටත් රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවටත් ඇෆ්ගන් මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍ය ද වාර්තා කළේය.

අයි.එස්.අයි.එස්.-කේ. සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා ඉහත කී ප්‍රහාරය එල්ල කළේ යැයි ද ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...