28 C
Colombo
Saturday, May 4, 2024

රට තව සති දෙකක් වසා තැබිය යුතුයි…! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

- Advertisement -

මෙරට දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතියේ ප්‍රතිඵල දැක ගැනීමටනම් අවම වශයෙන් තවත් සති දෙකකින්වත් එය දීර්ඝ කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ජනතාව නිරෝධායන ඇඳිරි නීතියට අනුගත වෙමින් නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නම් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව අඩු වනු ඇති අතර රට නැවත විවෘත කිරීමට හැකි වනු ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, ඔක්තෝබර් මස මැද භාගයේදී මෙරට එන්නත්කරණය අවසන් වුවහොත් ඒ මස අග භාගයේදී රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

තවද, ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් කෙසේ වෙතත්, මෙරට ජනතාවට තෙවන බූස්ටර් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව අවසන් තීරණය ගෙන නොමැති බවත් ඔහු පවසනවා.

මේ අතර, මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීම උදෙසා තවත් සති දෙකෛන් පමණ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද පවසා සිටියා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුල හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය උපුටා දක්වමින් මින් පෙර අවස්තාවකදී රාජ්‍ය ඇමතිවරිය පවසා සිටියේ.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...