25 C
Colombo
Thursday, May 9, 2024

සීනි මිල වැඩිකිරීම පිටුපස ඉන්නෙ විපක්ෂයයි – ඩිලාන්

- Advertisement -

සීනි තොග සඟවන්නේ විපක්ෂය විසින් බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

සීනි මිල ජනතාවට දරා ගැනීමට නොහැකි අන්දමට ඉහළ යැවීමටත් ඒ හරහා රජය අපහසුතාවයට පත් කිරීමටත් කටයුතු කරනු ලැබුවේ විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන් බව මේ වනවිට ආනවරණය වී ඇති බවයි ඔහු පවසන්නේ.

පාරිභෝගික අධිකාරිය වැටලූ සෑම ගබඩාවක්ම විපක්ෂයට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ බවත් වැටලූ එක් ගබඩාවක් එක්තරා පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට අයත් බවත් ඔහු පවසනවා.

ඒ අනුව, කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ජනතාව අපහසුතාවයට පත් කරමින් සීනි මිල වැඩිකිරීම සඳහා ඉතාම ‘කාලකන්ණි’ ලෙස කටයුතු කර ඇත්තේ විපක්ෂයේ පිරිස් විසින් බවත් හෙළි වී ඇති බවයි ඩිලාන් පෙරේරා මහතා පවසනවා. සඳහන් කළේ.

මේ අතර, සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ (02) දිනයේ සිට බලැපැත්වෙන පරිදි ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වේ.

එමෙන්ම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125කි.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වේ.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...