30 C
Colombo
Friday, May 3, 2024

එන්නත ගන්න පැමිණි අයට බැටන් ප්‍රහාර දුන් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

- Advertisement -

මාතර – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඒ පසුගිය 01 වනදා මාතර – වැලිගම – ගල්බොක්ක එන්නත් මධ්‍යස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහනට පැමිණ සිටි පිරිසක් විසුරුවා හැරීමේදී ඔවුන්ට බැටන් ප්‍රහාර එල්ල කරමින් හිරහැර කිරීමේ චෝදනාව මතයි.

එදින අදාළ එන්නත් මධ්‍යස්ථානයේ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වී තිබීම හේතුවෙන් එතෙක් පෝලිම්වල රැදී සිටි පිරිස් හා එන්නත් මධ්‍යස්ථානයේ සෞඛ්‍ය බලධාරීන් අතර බහින්බස්වීමක් ඇතිවුණා.

එම පිරිස විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කරන අවස්ථාවේදී එම ප්‍රදේශවාසීන්ට හිරිහැර කරන ආකාරය ප්‍රදේශවාසීන් වීඩියෝ ගතකර තිබුණා.

ඒ අනුව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...