28 C
Colombo
Sunday, May 5, 2024

වයස අවුරුදු 14 දී සිදුවූ ලිංගික අපයෝජනය ගැන කියන අමීර් ඛාන්ගේ දියණිය

- Advertisement -

“මට වයස අවුරුදු 14 දී, ලිංගික අපයෝජනයට ලක්වුණා. එම පුද්ගලයා මට කරන්නට හදපු දෙය ගැන මට ලොකු දැනීමක් තිබුනේ නෑ. ඔහු අපේ පවුලේ හිතවතෙක්. , එය දිනපතා සිදු නොවුනට මට එයකිහිප අවස්තාවක සිදු වූ නිසා එය ලොකු කරදරයක් බව මට දැනුනා..නමුත් තාත්තා අපි ලග නෑ .. අම්මා බොහෝ විට සිටියේ කාර්‍යබහුලව.. ආසානයේ මම දෙදෙනාටම මේ බව පැවසුවේ ඊමේල් පනිවිඩයකින්.. “

ඇය නමින් ඉරා ඛාන්.. බොලිවුඩයේ 90 දශකය සුන්දරකර නළුවෙක් වූ අමිර් ඛාන්ගේ එකම දුව.නමුත් ඇය අවුරුදු 14දී අපයෝජනය වන්නේ මේ නරුම සමාජයේ හොදින් හදුනන මිනිසෙකු අතින්.. ඇයට ඇයි මෙහෙම උනේ…

“අම්මගේත් තාත්තගේත් වෙන් වීම අයියටත් මටත් ලොකුවට දැනුනේ නෑ හේතුව ඔහුට පුළුවන් වෙලාව අපි සමග සිටියා.. අම්මා ඔහුගෙන් වෙන් වන්නේ සුහදව කතාබහ කරලා ඔවුන් සිටියේ යාලුවෝ වගේ..නමුත් බොහෝ දෙනා අපි දෙන්නා දෙස බැලුවේ තාත්තාගේ පෙනුමින්.. අයියත් මමත් ඔහුගේ සුන්දරපෙනුමට සමාන කම් කිව්වේ නෑ..පසුව තාත්තා අපි සමග සිටින ඡායාරූප ප්‍රසිද්ධ නොකලේ මේ හේතුව නිසයි..එය පොඩි උනත් මට හොදින් තේරුනා..මම බොහෝ විට නිවසේ සැගවී ජීවත් වූ වේ ඒ නිසාවෙන්.. බොහෝ දෙනා මා දෙස බැලුවේ අමිර්ගේ දුව දෙස බලන මානසිකත්වයෙන්.. අවසානයේ මම සමාජයට බිය වූවා.. සමාජයේ ඇසුර නොලැබූ අයෙක් වූ මට ලැබුන ලෙන්ගතු වැඩිහිටි ඇසුරින් අවසානයේ අතවර වූවා…. නමුත් එය මගේ ජීවිතයට කැලලක් වෙන්නට කලින් මම මගේ දෙමව්පියන් ට කිව්වා…මට ඕන ඉදිරියට මම වගේ අවසරණ වෙන ළමයින් මේ මානසික පීඩාවෙන් මුදවා ගැනීමටයි…”

තම දෙමාපියන් වන අමීර් ඛාන් සහ රීනා දත්තා සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් තමා තුළ ඇති වූ බිහිසුණු තත්වයෙන් මිදීමට ඇයට හැකි වූ බව ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම උපයෝගී කරගනිමින් සමාජය සමග අදහස් හුවමාරු කරගත්තේ ඒ අයුරිනි..

ඇය අමිර්ඛාන්ගේ පෙනුමෙන් නොසිතා ඇගේ පෙනුමෙන් මිනිසුන් බැලුවානම් කෙතරම් සුරූපී යෞවනියන්ද කියා ඔවට සිතේවි . නමුත් බොහෝ මිනිසුන් ඇය දෙස බැලුවේ අමිර්ගේ ඇසිනි.. ඇයට කෙතරම් දුක සිතෙන්නට ඇත්ද?

එම්.එම්.පී රණවීර –

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...