27 C
Colombo
Friday, May 3, 2024

අර්ජුන් මහේන්ද්‍රන්ටත් ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුපක්? – මරික්කාර්

- Advertisement -

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු ශ්‍රී ලංකා මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානමෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.

ඒ අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්.

ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු සහ දැනට සිටින අධිපතිවරුන්ට ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප මෙන් 15ගුණයක විශ්‍රාම වැටුපක් ලබාදීමට ‍රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කර ඇති බව මරික්කාර් මහතා පවසනවා.

මහබැංකු හොරුන් අල්ලා දඬුකඳේ ගසන බව පවසමින් බලයට පැමිණි රජයක් හොරුන්ට විශ්‍රාම වැටුප් ගෙවන තත්වයකට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු හා වත්මන් අධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු සඳහා හිඟ වැටුප් සහිතව විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මුදල් මණ්ඩල අනුමැතිය ලබා දීමට සූදානම් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

රාජ්‍ය අංශයේ සේවකයින්ට සුදුසුකම් ලැබීමට අවම වශයෙන් අවුරුදු 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව ඇති නමුත් නව යෝජනා ක්‍රමය යටතේ තමන්ගේ සේවා කාලය නොසලකා හිඟ විශ්‍රාම වැටුප් ලැබීමටද මහබැංකු අධිපතිවරුන් සුදුසුකම් ලබනවා.

2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා මහබැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය රජය සමයේ ද මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර එවකට සිටි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි පුවත්පත වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් කලින් සිටි සියලුම මහබැංකු අධිපතිවරු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට තීරණය කර තිබේදැයි යන්න පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පණත යටතේ සන්ඩේ ටයිම්ස් විසින් මහබැංකුවෙන් විස්තර ඉල්ලා ඇති අතර “මෑතකදී, විශ්‍රාම වැටුප් සඳහා කලින් සිටි සියලුම මහ බැංකු අධිපතිවරුන් සුදුසුකම් ලබන්නේ යැයි මුදල් මණ්ඩලය කිසිදු තීරණයක් ගෙන නැත. එබැවින්, ඔබේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් අයදුම් පත්‍රයේ ඔබ විසින් මතු කරන ලද අංක 01 සිට 11 දක්වා ප්‍රශ්න අදාළ නොවේ.” යැයි මහ බැංකුව ඊට පිළිතුරු දී ඇත.

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නීතිමය කටයුත්තකට සම්බන්ධ හෙයින් ඔහු මීට අදාල නොවීමට ඉඩ ඇති නිසා ‘සියලුම මහ බැංකු අධිපතිවරුන්’ට මෙය අනුමත නොකළ බවට සිදුකර ප්‍රකාශය “තාක්ෂණික වශයෙන් නිවැරදි” බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන බව පුවත්පත වාර්තා කරනවා.

මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් සියලුම නියෝජ්‍ය අධිපතිවරුන් සහ සහකාර අධිපතිවරැනෙගන් සමන්විත මහ බැංකු ආයතනික කළමනාකරණ කමිටුව විසින් එම නිර්දේශයන් මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර මහ බැංකු අධිපති ලක්ෂ්මන්ගේම සභාපතිත්වයෙන් යුත් මුදල් මණ්ඩලය විසින් අර්ජුන් මහේන්ද්‍රන්ව අදාල නොවන පරිද්දෙන් එය සම්මත කළ නමුත් අනාගතයේදී ඔහුව නිදහස් කළහොත්, 2015-2018 දක්වා කාලය තුල මහ බැංකු අධිපති ලෙස සේවය කිරීම වෙනුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලැබීමට ද ඉඩ ඇති බව පුවත්පත වාර්තා කරයි.

අදාල පුවත මෙතැනින්

කෙසේ වෙතත් මෙම පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ තමන් 2006 වර්ෂයේ ජුනි මාසයේ 01 වෙනිදා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 08 වෙනිදා දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් සේවය කරනු ලැබූ බවත් සිය පත්වීමේ ලිපිය අනුව විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බව එහි දක්වා තිබූ බැවින් තමාට හිමි විශ්‍රාම වැටුප ඉල්ලා සිටි නමුත් අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක තමන් විසින් සිදු කර නොමැති බවයි .

මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පහතින්.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...