32 C
Colombo
Sunday, May 5, 2024

ඉශාලිනිගේ මරණය: බදියුදින්ගේ මස්සිනා සහ තැරැව්කරුට ඇප – බිරිඳ සහ මාමණ්ඩිය රිමාන්ඩ්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවයේ යෙදී සිටි 16 හැවිරිදි ඉශාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේ ඉකුත් ජුලි මස 15 වනදායි.

අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර එහිදි සිදුවීමට සැකපිට රිෂාඩ් බදියුදින්ගේ බිරිද, මාමණ්ඩිය, මස්සිනා සහ දැරිය නිවසට ගෙනගිය තැරැව්කරු අත්අඩංගුවට ගැනුනා.

එසේම දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවත්, පිළිස්සුම් තුවාල මත විෂබීජ ආසාදනයක් හේතුවෙන් ඇති වු කම්පනයකින් මරණය සිදුව ඇති බවත් අනාවරණය වුණා.

කෙසේවෙතත්, රිෂාඩ් බදියුදින්ගේ බිරිඳ හා මාමණ්ඩිය ලබන 17 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය අද (06) නියෝග කළා.

ඔවුන් ඇප මත මුදා හැරිය හොත් සාක්ෂි වලට බලපෑම් ඇති විය හැකි බවට නිරීක්ෂණය වන හෙයින් මෙම තීන්දුව ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත්, තරවුකරු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප දෙකක් මත හා නිවසේ මිට පෙර සේවය කල දැරියන් දෙදෙනෙකු දුෂණය කලේ යයි චෝදනා ලබා සිටින රිෂාඩ් බදුර්දින්ගේ මස්සිනා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් මහේස්ත්‍රාත්වරිය නියම කළා. ඒ, අදාල සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ඇප පනත ප්‍රකාරව පැමිණිල්ල විසින් කරුණු ඉරිරිපත් කර නොමැති බවට සඳහන් කරමින්.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...