27 C
Colombo
Monday, May 6, 2024

N.G. රාජපක්ෂ වෙත පිරිනමා ඇති හස්තියා එම අයට මුදා හරින්න – අධිකරණය

- Advertisement -

කූට ලේඛන සකස් කරමින් අලි සන්තකයේ තබා ගත්තාය කියන සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල සහ ඇත් අතුරු සෙවනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂනය මත රඳවා සිටී අලින් 14 දෙනෙකු මාස තුනක් තුළ පැරණි හිමිකරුවන්ටම භාරකාරත්වය ලබාදීමට ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත ඔවුන්ගේ අයිතිකරු වෙත තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා පසුගිය 06 වනදා නියෝග කර තිබෙනවා.

ඒ මෙම අලින් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හරින ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අජිත් පතිරණ මහතා මෝෂන් පත්‍රයක් ගොනු කරමින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලින් ලියාපදිංචි කිරීමේ පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලීන් සන්තකයේ තබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 වසරේදි මුල්වරට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

එමෙන්ම අලි ජවාරමක් යැයි කියන්නාවු මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමක්ද සිදුව තිබුණා.

ඒ ඉකුත් 2014 ජූලි සිට 2015 අගෝස්තු අතර කාලයේදී මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප්‍රදේශයන් වලදී සොරකම් කළ අලින්ට අදාළව වංචනිකව වනජීවි දෙපාර්තමේන්තුවේ තිබූ අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කිරීම, බලපත්‍ර නොමැති අලි අට දෙනෙකු ලඟ තබා ගැනීම ,ජාවාරම් කිරීම හා ජාවාරම් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ හා පොදු දේපළ පනතේ විධිවිධාන ප්‍රකාරවයි

එහි විත්තිකරුවන් ලෙස නම්කර ඇත්තේ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්, වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ උපාලි පද්මසිරි, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය භාරව සිටි ලිපිකාරිණියක වන එච්.ප්‍රියංකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, චන්දන කුමාර, ශෂික චානුක ගම්ලත් , පලිහපිටිය ගමගේ ජයලත් හා දමිත් චතුරංග යන අයයි.

කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා විසින් පසුගිය 06 වනදා සිදුකළ මෙම අලි ඇතුන් මුදාහැරීමේ නියෝගයට අමතරව මෙම අලින් 14 දෙනාගේ හිමිකාරිත්වය පැරණි හිමිකරුවන් වෙත ලියාපදිංචි කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 01 හි ස්ථානාධිපති විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ ක්‍රියාමාර්ග සහ විමර්ශන සිදුකරමින් පවතින හීලෑ අලිඇතුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සන්තකයේ පැවරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් සහ ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) 2021.08.19 දිනැති අංක 2241/41 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් පත්‍රයේ දෙවන කොටසේ සඳහන් වන ආකාරයට හීලෑ අලිඇතුන් ලියා පදිංචිය විධිමත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවට හා එම ගැසට් පත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් පරිදි මාස 3 ක් ඇතුලත හීලෑ අලිඇතුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියම කර ඇති බවට අධිකරණය වෙත වාර්තා කර ඇත.”

“ඔබ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සන්නස් පත්‍රයක් මගින් අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ එන්.ජී රාජපක්ෂ වෙත පිරිනමා ඇති හස්තියා එම අයට මුදා හරින මෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කළ ලිපියේ දැක්වේ.”

“ඉහත ඉල්ලීමට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව ඉහත අංක 1 සිට අංක 13 දක්වා සඳහන් නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත භාර දීම සඳහා ද සන්නස් මගින් පිරිනමා ඇති හස්තියා අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ පදිංචි එන්.ජී රාජපක්ෂ වෙත මුදා හැරීමට ඔබට මෙයින් නියෝග කරමි.”

කෙසේ වෙත්ත මෙම නියෝගයේ සදහන් N.G. රාජපක්ෂ යනුවෙන් සඳහන් පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ සන්නසක් මගින් පවරා දුන් අලි පැටවෙකු යළි එම පුද්ගලයාටම භාර දෙන්නේ ඇයිදැයි යන්න ඉහත කී ලිපියේ සඳහන් වී නැහැ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...