28 C
Colombo
Saturday, May 4, 2024

කාදිනල්ගේ විරෝධය මැද අගමැති ඉතාලි යයි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (10) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලෙන් ඉතාලිය බලා පිටත්ව ගියා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා G20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත බවයි.

මීට අමතරව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකටම අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සහභාගීවීමට නියමිතයි.

මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

කෙසේ වෙතත් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉතාලි සංචාරය දැඩිව හෙළා දකින බවයි.

මෙම සංචාරය මගින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පාස්කු ප්‍රහාරය පිළිබදව ජාත්‍යන්තරය හමුවේ වැරදි අවබෝධයක් ඇතිකිරීමට උත්සහ කරන බවට කාදිනල් උතුමාණන් චෝදනා කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...