28 C
Colombo
Sunday, May 5, 2024

මේ ඇඳිරිනීතියෙන් වැඩක් නෑ

- Advertisement -

පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක වීම ඉතා දුර්වල මට්ටමක පවතින බව හජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

නිසි පරිදි සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවතියද වාහන සහ මහජනතාව විශාල වශයෙන් මාර්ගවල දක්නට ලැබෙන බවත් ජනතාව නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම් සහ ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම් මේ ඇඳිරිනීතිය ඵලරහිත බවත් ඔහු පෙන්වා දෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාද බලපත්‍ර ලබාදීමක් සිදුවන බවත් ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කර ඇති බවත්, එමෙන්ම, අත්‍යවශ්‍ය සේවාවලට මුවාවී විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරන බැවින් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...