29.3 C
Colombo
Saturday, April 27, 2024

මත් රකුසාට පෙම් කළ බොලිවුඩ් තරු

- Advertisement -

බීමත් කම කියන්නේ එකිනෙකාට සාපේක්‍ෂව තමන්ගේ හැගීම් අනුව පාලනය කළ හැකි දෙයක්.
මත්ද්‍රව්‍ය තමන්ගේ ප්‍රමාණය නොදැන පාවිච්චි කිරීම යනු මෝඩකමක් කියලා තමා බොහෝ අයගේ අදහස..
තමන්ට අවශ්‍ය ප්‍රමාණය දැන ගන්නනම් ජීවිතයේ කොයියම්ම අවස්ථාවක හරි බීලා චාටර් වෙන්නම වෙනවා..
ඒ චාටර් උනාම දන්නවා බොන්න ඕන ලිමිට් එක මේක කියලා.
නමුත් සතුටට වගේම දුකටත් බොන අය ඔන තරම් අපි අතර ඉන්නවා.
මේ කියන්න යන්නේ බොලිවුඩයේ මේ විදිහට මතට ලොල් වූ නළු නිළියන් කිහිප දෙනෙක් ගැනයි.

සංජේ දත්

ලිස්ට් එකේ මුලින්ම නම සඳහන් කරන්න වෙන්නේ සංජේගේ තමා. හේතුව ලෝකේ තියන මත් ද්‍රව්‍ය වලින් සංජේ පාවිච්චි නොකරපු මත් ද්‍රව්‍යයක් හොයා ගන්නට නැහැ කියලා බොහෝ මිනිසුන් ඔහුට පවසන නිසා. සංජේ ඔහුගේ සිනමා ජීවිතයට වඩා අවධානය ගන්න සමත් වූවේ පුද්ගලික ජීවිතයේ සිදුවීම් නිසාවෙන්. එවකට සංජේට අනිවාර්යෙන් දවසකට සිගරට් පැකට් 03ක්වත් අවශ්‍යලු. ඒ වගේම එන්නත් මත් ද්‍රව්‍ය වගේම, වෙනත් තහනම් මත්ද්‍රව්‍ය ඔහු ඒ දවස්වල අනිවාර්යෙන් පාවිච්චි කරලා තියෙනවා. බොහෝ නිළියන් ඔහුව ප්‍රතික්ෂේප කර ඇති අතර ශ්‍රී දේවි වරක් ඔහු සමග රගපෑමට පෙර හොදින් නාගෙන එන්න කියා නියෝග පවා දීලා තියෙනවා. කෙසේ නමුත් ඔහුගේ ප්‍රේම සම්බන්ධතා රැසක් අහිමිවීමට මෙම මතට ලොල් වූ ක්‍රියා කලාපය හේතු වූවා..

බොහෝ දෙනා මෙයට දෝෂාරෝපණය කලේ ඔහුගේ පියා වූ සුනිල් දත්ට. එකල තිබූ හෙරොයින් සහ නීති විරෝධි අවිආයුධ ව්‍යාපාර රැසක හවුල් සාමාජිකත්වය සුනිල් විසින් දැරූ අතර ඒ සාපය දරුවන්ටත් බිරිදටත් ගිය බව තමා කියන්නේ. ඇත්ත නැත්තනම් අපි දන්නෑ. නමුත් දැන් සංජේ මත් ද්‍රව්‍ය වලින් මිදුණු ජීවිතයක් ගත කරනව කියලා තමයි කියන්නේ..

පූජා භාත්

පූජා භාත් කියන්නේ 90 දශකයේ සිටි බෝනික්කිය කිව්වොත් නිවැරදියි. ඇගේ හුරුබුහුටි පෙනුමට ළංවිය හැකි නිළියක් එකළ සිටියේම නැති තරම්. නමුත් ඇය මේ රුව රැක ගත්තේ කෙටි කාලයක් පමණයි. ජීවියට එල්ලවුණ බොහෝ කරදර හිරි හැර නිසාවෙන් සහ වැරදි වැඩිහිටි ආදර්ශ වගේම වැරදි මිතුරු හමුව හේතුවෙන් ඇය නොමඟ යනවා.

සංජේ දත්ට මෙන්ම මේ වැරදි වලට කෙලින්ම දෝෂාරෝපණය එල්ල වූවේ ඇගේ පියා මහේෂ් භාට්ට. සමාජ ශාලාවලට යෑමට පවා ඇයව හුරු කර ඇත්තේ මහේෂ භාටි විසින්. පූජාගේ මව කෙලින්ම මහේෂ් භාට් හට මේ වැරදි චෝදනා ගොනු කර තිබුණා.. අවුරුදු 16යේදී ඇයට මුල්ම විස්කි වීදිරුව දීලා තිබෙන්නෙත් මහේෂ් භාට් විසින්මයි. සාර්ථකත්වයේදි මෙන්ම අසාර්ථකත්වයේදිත් ඇගේ සතුට සමරන්නත් දුක නිවාගන්නත් පිහිටට එන්නේ ෂැම්පේන්, විස්කි වගේ මත්පැන් බව ඇය වරක් පවසා තිබෙනවා. මතට ලොල් වූ ඇයට එයින් මිදෙන්න නොහැකි වන අතර සුරූපි රුවත් නිළි වරමත් සැමියාත් ඇයට අහිමි වන්නේ මේ හේතුවෙන්.

‘මට ඔයා ආදරේ නම් ඉස්සෙල්ලා ඔයාගෙ ජීවිතේට ආදරේ කරන්න, මොකද ඔයාගේ වීවිතය ඇතුළේ මම ජීවත් වෙන නිසා’
මේ ඇයට ලැබුණු කෙටි පණිඩය නිසා ඇය ජීවිතය වෙනස් කර ගන්නවා. ඒ පණිවිඩයේ හිමි කරු වෙන කවුරුත් නොවෙයි ඇගේ පියාමයි. ඔහු ඒ වන විට සියළු දුසිරිතයෙන් මිදි උන් අතර, ඔහු විසින් තම දියණිය එයට හුරු කරා වගේම එයින් මුදවා ගන්නටත් කටයුතු කලේ ඒ අයුරින්. නමුත් ඒ වන විට ඇගේ ජීවිතය විනාශ වී අවසන්ය.

දිව්‍යා භාරතී

දිව්‍යා භාරතී යනු අතීතයට එක් වූ අපූරු සුරූපිණියක්. ඇය මෙලොවින් වසන් වන්නට එකම හේතුව මත් රකුසාවීමත් විශේෂ හේතුවක්. ඇය මිය යන්නේ අවුරුදු 19දී . අවුරුදු 19ක කෙල්ලක් අදටත් සිහි ගන්වන්නට තරම් ඇගේ ජනප්‍රියත්වය ගැන අටුවාටීකා අවශ්‍ය වන්නේ නැහැනේ. දිව්‍යා අවුරුදු 14 දී පමණ මත්ද්‍රව්‍ය වලට සහ සිගරට් වලට ඇබ්බැහි වූ නිළියක්. අවුරුදු 16 සිනමාවට පැමිණෙන විටත් ඇය මත් රකුසාට බිලි වී අවසානයි. හැම රූපගත කිරීමක් අවසානයේම ඇය සිගරට් සහ මත්වන මොකක් හෝ බොතල් බීමක් ළඟ තබා ගත් අතර රගපාන නළුන්නටද එය මහත් අපහසුතාවයක් වූවා. ඒ කාලයේ සුපිරිම තාරකාවක් වගේම විවිධ ප්‍රභූවරුන්ගේද අනුග්‍රහය ඇයට නොමදව ලැබුනු නිසාවෙන්ම ඇය රූපගත කරන අවස්ථාවන් හිදී හැසිරී තිබෙන්නේ ද ඒ බලපුළුවන්කාරකම් වල හයියෙන්මයි. නමුත් ඇගේ මේ ගමන කෙටි වන්නට ප්‍රධානතම හේතුව ඇගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවිම බව නම් ඕනෑම කෙනෙකුට වැටෙහෙන කරුණක්..

මනීෂා කොයිරාල

මනීෂා කියන්නේ අහිංසක ඇස් දෙකක් ඇති සුරූපිණියක්. 90 දශකයේ නැතුවම බැරි නිළියක් වූ ඇය කෙමින් කෙමින් ඇගේ මතකය යටපත් කිරීමට හේතුවන්නෙත් ඇගේ ක්‍රියා කලාපයමයි. විවිධ නොගැලපෙන සම්බන්ධතා ගොන්නකට හසු වන මෙම සුරූපිණිය අවසානයේ ඇගේ යාලුවා බවට පත් කර ගන්නේ මත් ද්‍රව්‍යයයි. කෙසේ හෝ බීමත්කමට වඩා ඇය හුරු වී තිබුනේ සිගරට් සඳහායි. අවාසානයේ මේ හේතුව නිසාවෙන්ම සැමියා ද ඇය හැර යනවා. ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරු වන අතර ඇය සුවපත් වූ පසුව කිසිදා මත් රකුසා වෙත නොයන බවට ඇගේ රසිකයින්ට පොරොන්දු වනවා.

මීනා කුමාරි

මත්ද්‍රව්‍ය ගැන බොලිවුඩයේ කතා වනවානම් මීනාගේ නම අනිවාර්යෙන්ම ඒ ලිස්ට් එකේ තිබිය යුතුමයි. හේතුව ඇය මියයෑමට හේතුව වන්නේත් මත්ද්‍රව්‍ය වීමයි. “බොලිවුඩයේ කඳුළු බින්දුව” නමින් විරුදාවලිය ලත් ඇය මිය යන්නේ අවුරුදු 38ක් වැනි තරුණ අවදියේදීයි. මීනා කුමාරී පෞද්ගලික ජීවිතයේ කිසිදු සතුටක් භුක්ති විදි තරුණියක් නොවන බව ඇගේ ජීවිත ගැන සදහන් කාරණාවලදී අපට පසක් වන කරුණක්. නින්ද නොයාමේ අපහසුතාවයකින් පෙළුණු මීනා කුමාරිට ඇගේ වෛද්‍යවරයා විසින් රාත්‍රියේදී බ්‍රැන්ඩි ස්වල්පයක් පානය කිරීමට නිර්දේශ කිරන අතර ඇයගේ මේ ඇබ්බැහියට මුල් වුණු කරුණ හැටියටයි පැවසෙන්නේ එයයි. විවිධ ප්‍රශ්න මැඩගන්නට ඇය එයට ඇබ්බැහිවනවා. අවසානයේ ඇගේ මරණයට හේතුව වන්නේ උග්‍ර මත්පැන් පානය නිසා ඇති වූ සිරෝසීස් රෝගී තත්ත්වයි.

MMP රණවීර

RECENT ARTICLES - SINHALA

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

නිදහස් පක්ෂෙ නායකයො වෙන්න දඟලන අය ‘අතෙන්’ තරඟ කරලවත් නැහැ – සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන කිසිවෙකු හෝ මැතිවරණයකට අත ලකුණින් තරග කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා (25)...

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් දින 5ක සිට අතුරුදන්

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක්. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...