25 C
Colombo
Thursday, May 9, 2024

මම හෙට මහබැංකු අධිපති ධූරයේ ලිපිය භාරගන්නවා – කබ්රාල්

- Advertisement -

තමන් හෙට දිනයේ (14) මහබැංකු අධිපති ධූරයේ වැඩ භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගෙන් පත්වීමේ ලිපිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබ්රාල් මහතා පැවසුවේ එළැඹෙන 15 වනදා සිට මහබැංකු අධිපති ධූරයේ වැඩ භාරගැනීමට බලාපොරොත්තු වන බවයි.

මහ බැංකු අධිපති ධූරය භාරගත් පසුව රටේ මූල්‍ය ස්ථායීතාවය රැක ගැනීම සඳහා කටයුතු කිරීමට කටයුතු කරන බවද කබ්රාල් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර පසුගිය සෙනසුරාදා (11) අජිත් නිවාඩ් කබ්රාල් මහතා අනුරාධපුරයේ සිද්ධස්ථාන කිහිපයක් වැඳපුදාගෙන මහා සංඝරත්නය බැහැ දුටුවා.

එහිදී නව තනතුර සඳහා මහා සංඝ රත්නය ඒ මහතාට ආශිර්වාද කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...