33 C
Colombo
Friday, May 3, 2024

බීමත් ඇමති ගිණි අවියක් අතැතිව තවත් බන්ධනාගාරයකට කඩා වැද යකා නටයි

- Advertisement -

පසුගිය 12 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ කලහාකාරී ලෙස හැසිරුණු ප්‍රභල රාජ්‍ය අමාත්‍යවරයා එදිනම අනුරාධපුර බන්ධනාගාරයට ද ගොස් ප්‍රචණ්ඩ අයුරින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ගිනිඅවියක් ද අතැතිව ආරක්ෂකයින් පිරිවරා කොට කලිසමකින් සැරසී බන්ධනාගාරයට ඇතුළුවූ ඔහු අධික ලෙස බීමතින් සිටි බවයි පැවසෙන්නේ

එහිදී LTTE සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගිය ඔහු එහි රඳවා සිටින සැකකරුවන් 08දෙනා අතුරින් සැකකරුවන් දෙදෙනෙකු පිටතට ගෙන දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාව මානව හිමිකම් අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක රජයේ අමාත්‍යවරයෙකුගේ මෙම හැසිරීම රටම ජාත්‍යන්තරය ඉදිරියේ අපහසුතාවයට පත් කරන්නක් බව විද්වත් මතයයි.

මේ අතර, එම රාජ්‍ය අමාත්‍යවරයා එදින වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ විවාහක රූ රැජිනක් සහ තවත් දෙදෙනෙකු සමග බවත් එහිදී ඔහු අදාළ පිරිස සමග ‘එල්ලුම්ගස’ ඇති ස්ථානය අසලට ගොස් තිබේ.

එම අවස්ථාවේදී අධික බීමතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයා දෙවතාවක් තම ගිනි අවියද සමග බිම වැටී ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසා ඇතත් ඔහු මේ පිළිබදව කිසිවක් නොදන්නා බව පවසා ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටියේ අදාළ දිනයේදී විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා තම කාර්යමණ්ඩලයේ පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් සමග ඔවුන්ගේ සමාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් විෂයභාර ඇමතිවරයාට ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවී සාකච්ඡා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් ය.

කෙසේ නමුත්, අදාල සිදුවීම සිදුවූ බවට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සහතික කරන බවට අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා පවසනවා.

එමෙන්ම, අදාල රාජ්‍ය අමාත්‍යවරයාව තනතුරෙන් බැහැර කර ඔහුව වහාම අත් අඩංගුවට ගන්න ලෙස TNA පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...