30 C
Colombo
Thursday, May 2, 2024

නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා සංවර්ධනය වන බී 640 මාර්ගය

- Advertisement -

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හි පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා වන බී 640 මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනම් කර ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

කිලෝ මීටර් 32 ක දුරකින් සමන්විත මෙම මාර්ගය මං තීරු දෙකක් යටතේ පුළුල් කරමින් තිබේ.

දැනටමත් කිලෝ මීටර් 18 ක වැඩ අවසන් කර ඇති අතර මෙම මාර්ගයේ බරුදැල්පොල ප්‍රදේශයේ මීටර් 100 ක දිගකින් යුක්ත පාලමක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට තිබේ. එමෙන්ම තොඩුවාව ප්‍රදේශයේ මීටර් 80 දිග පාලමක් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.

රථ වාහන තදබදය විසදීමට අමතරව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ දියුණුවට ද මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම වඩාත් ඉවහල් වනු ඇත. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා එම ප්‍රදේශයේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම පිණිස මග දෙපස වෙරළබඩ ප්‍රදේශයට ආවේණික වූ ශාක වර්ග සිටුවීමට සැලසුම් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...