30 C
Colombo
Thursday, May 2, 2024

අම්පාරේ ගොවීන් ඇමති විමලවීරට හූ කියලා. “මට හූ කිව්වෙ මිනිස්සු වෙන්න බැහැ” – ඇමති විමලවීර

- Advertisement -

අම්පාරේදී වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ගොවීන් පිරිසක් හූ කියා සිය විරෝධය පලකර තිබෙනවා.

අම්පාර – තිස්සපුර රජවැව පාමුල මිරිදිය මත්ස්‍ය තටාක ඉදිකොට වැව අවදානමකට හෙළා ඇතිබවට චෝදනා කරමින් ගොවීන් මෙලෙස අමාත්‍යවරයාට සිය විරෝධය පලකළා.

අමාත්‍යවරයා එම තටාකයට මිරිදිය මසුන් මුදා හැරීමට ඊයේ (14) එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහුට විරෝධය පලකර ගොවීන් හූ හඩ පතුරා තිබෙනවා.

ගොවීන් පවසන්නේ වැව් රක්ෂිතයේ මිරිදිය මත්ස්‍ය තටාක ඉදිකිරීමෙන් වැව් බැම්ම බිදී යාමටත් වගා ජලය අහිමි වීමටත් ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විමලවීර දිසානායක මහතා පවසන්නේ ප්‍රදේශවාසීන්ට ජීවනෝපායක් සකස් කර දීමට තමත් කළ උත්සාහයට යම් කිසි කෙනෙක් හූ කීවේ නම් ඔවුන් මනුෂ්‍යයන් නොව දෙපා සතුන් බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...