32 C
Colombo
Wednesday, May 8, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

- Advertisement -

නිමා වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 20 තරඟ මාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් වුවමනාවෙන් අඩු දක්ෂතා පෙන්වමින් තරඟාවලිය පරාජය කරා ගෙන ගිය බවට ඇතැම් මාධ්‍ය සිදුකරන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එවැනි ක්‍රීඩක හැසිරීමක් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් හෝ වෙනයම් පාර්ශවයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නැතැයිද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පන්දුවාර 20 තරඟාවලිය සඳහා එක් වූයේ දකුණු අප්‍රිකාව සමග තරඟ තුනට දෙකක් ලෙස එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ක්‍රීඩක සංචිතයම බවයි.

මෙලෙස වගකීම් විරහිත ලෙස සිදුකරන විවිධ මාධ්‍ය ප්‍රචාර ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවට දැඩි බලපෑම් සිදු කරන බවත් එය එළඹෙන T20 ලෝක කුසලාන තරඟාවලියට කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවක සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ගේ එකමුතුවෙන් නිවැරදි දිශාවට ගමන් කරන බවත් පසුගිය කාලසීමාව තුළදී කණ්ඩායම ජයග්‍රහණයේ රිද්මය කරා ළඟා වෙමින් පවතින අයුරු මෙරට ක්‍රීඩා ලෝලීන් පවා අතිශය ධනාත්මක අයුරින් පිළිගත් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මාධ්‍ය සදාචාරය සහ රීතීන් උල්ලංඝනය කරමින් කිසිදු සොයා බැලීමකින් තොරව සිදුකරනු ලබන මෙවැනි සත්‍යයෙන් තොර ගොතන ලද ප්‍රචාරණ තුළින් එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගීවන ක්‍රීඩකයින්ගේ සූදානමට බලපෑම් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ පිරිසක් අද කොළඹට

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබෙනවා. නෙළුම් මාවත පක්ෂ...

ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාවට යන්න ඉන්න අයට පණිවිඩයක්

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු "ඉතුරුම් මුදල" නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එමෙන්ම...

යුක්‍රේන යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම නවතන්න මෙහෙයුමක්

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...