31 C
Colombo
Tuesday, April 30, 2024

මහ කන්නයටත් කාබනික පොහොර (වීඩියෝ)

- Advertisement -

වී ගොවීන් සඳහා මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිලිවෙළ අදින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ පොහොර නිලධාරීන් ඇතුළු පිරිසක් අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදාහැරීම ආරම්භ කෙරෙන අතර, ඊට සමගාමීව අනෙක් ප්‍රදේශවලද පොහොර බෙදාහැරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

අම්පාර, අනුරාධපුරය, පොලොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල සහ පුත්තලම යන වී වගාව බහුලව සිදු කරන දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් විවිධ ස්ථානවල විරෝධතා දක්වමින් වී ගොවීන් පවසන්නේ කාබනික පොහොරවලට හුරුවන තෙක් හෝ රසායනික පොහොර යම් ප්‍රමාණයක් ලබාදෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

මම කඩේ යන්නේ රටේ ජනතාවට විතරයි – ප්‍රසන්න

රට වර්ථමානයේ මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් පිරිසකට රට භාර දීමට කටයුතු නොකරන ලෙසට...

නීතිඥවරු එක්ක මුරුත්තෙට්ටුවේ හිමිට තරහ ගිහින්

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසවා. උන් වහන්සේ ඒ බව පැවැසූවේ ඊයේ (29) නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී. මහජන ආරක්ෂ...

මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා. කෙසේනමුත් ඊයේ (29) සවස වනවිට මුදල්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...