27 C
Colombo
Friday, May 10, 2024

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

- Advertisement -

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිඩ් රයිඩර් කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 262ක ඉලක්කයක් හඹා යමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ලකුණු 259ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවයි.

මේ අතර IPL ඉතිහාසයේ ද හොඳම හඹායාම ලෙස මෙය ඉතිහාසගත වෙනවා.

මීට පෙර එම IPL වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ, ලකුණු 224ක ඉලක්කයක් හඹාගොස් ජය ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. 

ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20යි 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණූ 261ක් රැස් කළා.

පිලිප් සෝල්ට් ලකුණු 75ක් සහ සුනිල් නරේන් ලකුණු 71ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 8ක් ඉතිරිව තිබියදීම එම ඉලක්කය පසු කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශෂාන්ක් සිං නොදැවී වේගවත් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...