26 C
Colombo
Tuesday, May 7, 2024

අගමැති සමාජ ශාලාවක් විවෘත කරයි (වීඩියෝ)

- Advertisement -

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ’80 Club’ සමාජ ශාලාව යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) රාත්‍රියේ විවෘත කළා.

2020 වසරේදී මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමෙන් අනතුරුව 80 Club ආයතනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නාවුක හමුදාවට භාරදී තිබෙනවා.

මහනුවර ක්වීන්ස් හෝටලයේ 80 කාමරයේ සාමාජිකයින් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජයට 80 club යන නම යොදා ඇති බවයි පැවසෙන්නේ.

1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දී ඇති අතර නැවතත් 1978 වසරේදී 80 Club සමාජ ශාලාව පවත්වාගෙන යෑමට අවසර ලබාදී තිබෙනවා.

2020 වසරේ එය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගන්නා තුරු මෙම ස්ථානයේ නඩත්තු කටයුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ඇති අතර එහි පහසුකම් තවදුරටත් වැඩිදියුණු කර වෝටර්ස් එජ් තරු පන්තියේ හෝටල් අත්දැකීමක් ලබාදීමටද කටයුතු කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....