32 C
Colombo
Monday, May 6, 2024

මැදමූලනත් ඇවිලේ – ගොවි විරෝධතාවයට එරෙහිව පොලිසිය

- Advertisement -

වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි. එය මැඩපැවැත්වීමට පොලිස් මැදිහත්වීමක්ද සිදුවන අයුරු දැකගත හැකිවිය.

වීරකැටිය – මිද්දෙණිය මාර්ගයේ මැදමුලන වෙල්යාය අසලදී මෙලෙස උද්ඝෝෂණයක් සිදුවූයේ ගොවියන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්.

150ක පමණ පිරිසක සහභාගීත්වයෙන් සිදුවූ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ඌරුබොකුඔය ගොවි ව්‍යාපාරය විසිනි.

උද්ඝෝෂකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ රුවට සමාන අනුරුවක් රැගෙන කළු කොඩි අතැතිව විරෝධතාවයේ යෙදුණු අතර ඔවුහු පාගමනින් වීරකැටිය මැදමුලන මංසන්ධිය අසළට පැමිණීමට උත්සාහ කළ අතර

එය මැඩපැවැත්වීමට පොලිසිය මාර්ග බාධක සහ වාහන යොදා ප්‍රධාන මාර්ගය හරස් කරන ලදි.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෙනා අධිකරණ නියෝගයක් සහකාර පොලිස් අධිකාරීවරයා පෙන්වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් තමන් ගෙනා පඹයෙකු මාර්ගය අයිනේ තබා ගිනිතබා සිය උද්ඝෝෂණය අවසන් කර විසිර ගියහ.

May be an image of one or more people, people standing and road
May be an image of one or more people, people standing and road
May be an image of standing and outdoors
May be an image of one or more people, people standing and outdoors

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...