31 C
Colombo
Tuesday, April 30, 2024

‍ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ විශේෂ රැස්වීමට ආණ්ඩුවෙන් ඇමති ලන්සා විතරයි

- Advertisement -

ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීමක් කොළඹ 08 බැල්කොම් පෙදෙසේ පිහිටි එම සම්මේලන කාර්‍යාලයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණා.

බදුල්ල රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් ප්‍රධානව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික රදගුරුතුමන්ලා සහ සහායක රදගුරුතුමන්ලා පළමුව රැස්වී සාකච්ඡා කර අනතුරුව පක්ෂ විපක්ෂ කිතුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවුණා.

එහිදී පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු මෙන්ම රටේ වත්මන් තත්වය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

නමුත් මෙම විශේෂ රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙක් පමණක් සහභාගී වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

විපක්ෂය නියෝජය කරමින් හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ ඇති අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පමණක් වීම විශේෂත්වයක්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම ගැන රදගුරු සම්මේලනය කලකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී මේ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන බවත් රදගුරුතුමන්ලා මෙහිදී මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මම කඩේ යන්නේ රටේ ජනතාවට විතරයි – ප්‍රසන්න

රට වර්ථමානයේ මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් පිරිසකට රට භාර දීමට කටයුතු නොකරන ලෙසට...

නීතිඥවරු එක්ක මුරුත්තෙට්ටුවේ හිමිට තරහ ගිහින්

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසවා. උන් වහන්සේ ඒ බව පැවැසූවේ ඊයේ (29) නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී. මහජන ආරක්ෂ...

මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා. කෙසේනමුත් ඊයේ (29) සවස වනවිට මුදල්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...