26 C
Colombo
Monday, April 29, 2024

ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට ව්සිවෙයි….

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබු අවසන් අවස්ථා කිහිපයද අද අහිමි වී ගියා.

ඒ තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබු තෙවන පරාජය ලෙස එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 26කින් පරාජය වීමත් සමගයි.

කෙසේ වෙතත් පෙර පැවති දකුණු අප්‍රිකා තරගය මෙන්ම මෙම තරගයද ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහණය කිරීමට බොහෝ අවස්ථාවක් තිබු තරගයක් වීම විශේෂත්වයක්.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ සාජා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

එකී තීරණයට සාධාරණයක් ඉෂ්ට කරමින් එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු ප්‍රමාණයකට යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කළ වනිදු හසරංග ශ්‍රී ලංකා වෙනුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිව ලකුණු 09කට දවා ගැනීමට සමත් වූ අතර එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 34ක් වන විට ඩේවිඩ් මාලන්ව ලකුණු 06කට යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

නැවතත් ක්‍රියාත්මක වූ වනිදු ජොනි බ්‍රෙට්ෂෝ වෙත යොමුකළ පළමු පන්දුවෙන්ම ඔහුව දවාගැනීමට සමත් වූණා.

පළමු පන්දුවාර 10 අවසානයේදි එංගලන්ත පිතිකරුවන් කඩුලු 03කට ලකුණු 47කට සීමා කර තැබීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වී සිටියද ඒ වන විටත් පිටියේ ලකුණු සොයමින් සිටි ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් සමග එකතු වූ නායක මෝගන් ලකුණු 112ක දැවැන්ත සබදතාවයක් ගොඩනැගුවා.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක මෝගන් පන්දු 36ක් තුළ ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණේ හයේ පහර 03ක්ද සමගින්.

කවදත් ශ්‍රී ලංකාවට පිත්තෙන් සැලකූ ජෝස් බට්ලර් මෙම තරගය ද කනපිට පෙරලූ ක්‍රීඩකයා බවට පත්වන ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන්නේ මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ශතකයටද හිමිකම් කියමින්.

දුෂ්මන්ත චමීර යොමුකළ එංගලන්ත ඉනිම ඉනිමේ අවසාන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ බට්ලර් සිය ශතකය සම්පුර්ණ කළේ පන්දු 67ක් තුළ හයේ පහර 06ක් සහ හතරේ පහර 06ක් එල්ල කරමින්.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ වැටී තිබු එංගලන්ත ඉනීම 160-4 ක් ලෙස ස්ථාවර ලකුණු පුවරුවක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක් හිමිකර දෙමින්.

කෙසේ වෙතත් මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන කුසල් ජනිත් නැවත නැවතත් සිය වගකීම් විරහිත ක්‍රීඩා විලාශය පෙන්නුම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අද දිනයේ ද දිනයේ ද සාර්ථක ආරම්භයක් ළඟා කර ගැනීමට හැකි වූයේ නැහැ.

තරගාවලිය පුරා කඩුළු රකින්නෙකු ලෙස පහසු උඩපන්දු කිහිපයක් අතහැරී කුසල් ජනිත් අද දිනයේ නොතිබූ ලකුණකට අනික් අන්තයේ සිටි පැතුම් නිස්සංකව කැදවීම හේතුවෙන් තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියාව සිටී පැතුම් නිශ්ශංකට අද තරගයේ දී ලබා ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සොයාගත් වටිනාම සම්පත වන චරිත් අසලංක අද දිනයේ ද අලංකාර ඉනිමක් ක්‍රීඩා කිරීම ඇරඹියද හදිසි අනවශ්‍ය පහරක් හේතුවෙන් ඔහුගේ ඉනිමද ලකුණු 21 කට සීමා වුණා.

පැතුම් දැවීයාමට සරිලන ලෙස හෝ කණ්ඩායමේ බර කරට නොගත් කුසල් ජනිත් අද දිනයේද පන්දු 09කට මුහුණ දී ලකුණු 07කට දැවී ගියා.

අවිශ්ක ප්‍රනාන්දු අද දිනයේද තරගාවලියේ අනෙක් තරගවල මෙන්ම අසාර්තකත්වය ලගා කර ගත් අතර පන්දු 14ක් තුළ ඔහු ලබාගත්තේ ලකුණු 13ක් පමණයි.

කෙසේ වෙතත් වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම යළි ජයග්‍රාහී මාවතට යොමු කිරීමට උත්සාහ කළ භානුක රාජපක්ෂ පන්දු 18ක් තුළ ලකුණු 26ක් ලබාගැනීමට සමත් වුණේ හයේ පහර 02ක්ද සමගින්.

අනතුරුව පිටියේ එක්වූ නායක දසුන් ශානක සහ වනිදු හසරංග ලකුණු 50කට වැඩි සබදතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහණය පෙනෙන මානයට ගෙන ඒමට සමත් වුණා.

ඒ අවසන් පන්දුවාර 04 තුළ ලකුණු 41ක් ලබාගත යුතු ස්ථානයකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන එමින්.

කෙසේ වෙතත් තරඟයේ 16 වන පන්දුවාරයේ 05වන පන්දුවාරයේ වනිදු හසරංග එල්ල කළ පහරකට හතරේ සීමාව ආසන්නයේදි ජේසන් රෝයි සහ සෑම් බිලින්ග් එක්ව රැකගත් විශිෂ්ඨ උඩපන්දුවක් හේතුවෙන් තරඟයේ සම්පුර්ණෙන්ම එංගලන්ත කණ්ඩායම සතු වුණා.

එම විශිෂ්ඨ උඩ පන්දු රැකගැනීම හමුවේ දැවී යන විට වනිදු හසරංග පන්දු 21ක් තුළ වේගවත් ලකුණු 34ක් රැස්කර තිබුණා.

වනිදුගේ දැවීයාමෙන් මොහොතක් ගතවන්නටත් පෙර අනවශ්‍ය ලකුණක් කරා යාමට උත්සහා දැරීමේදි එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක බට්ලර් විසින් ශ්‍රී ලංකා නායක දසුන් ශානකව දුවද්දි දැවී යාමකට හසුකර ගත්තේ ඔහුගේ ඉනිම පන්දු 25කදි ලකුණු 26කට සීමා කරමින්

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 03 ලකුණු 07ක් තුළ දවාගත් එංගලන්ත පන්දු යවන්නන් සිය කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රාහණයක් ළගා කරා ගත්තේ එංගලන්ත කණ්ඩායමට මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේ ස්ථානයක් වෙන් කරමින්.

මෙම පරාජයත් සමග සුපිරි 12 දෙනාගේ වටයේ තමන් මෙතෙක් සහභාගි වූ තරග 04න් තුනක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර T20 ලෝක කුසලානයේ සහභාගි වන අවසන් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...