33 C
Colombo
Friday, May 3, 2024

සිරිල් ගාමිණි පියතුමන් ගැන අධිකරණ‍යෙන් නියෝගයක්..!

- Advertisement -

රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළා.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් තමන් අපකීර්තියට පත්කිරීමේ අරමුණීන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඉකුත් 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණීල්ලට අදාළව ඉදිරිපත් වූ මෝසන් පත්‍රය කට අනුව ඊයේ (05) මෙම කරුණු ඉදිරිපත් විණී.

පැමිණීල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කුරණ, මීගමුව, ශාන්ත ආනා දෙව්මැදුර භාර සිරිල් ගාමිණී පියතුමාට දෙවතාවක් පැමිණීමට දැනුම් දුන්නද ඔහු නොපැමිණී බවත්, එය ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ 1979 අංක 19 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 109 (6) වගන්ති ප්‍රකාරව‍යි.


RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...