28 C
Colombo
Saturday, May 4, 2024

අතුරුදන්වූ දැරියන් තිදෙනා නිවෙස්වලට පැමිණෙයි

- Advertisement -

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඊයේ (08) ඔවුන් නිවෙස්වලින් අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

මෙලෙස අතුරුදන් වූයේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියක වන අතර ඔවුන් තිදෙනා වයස අවුරුදු 13 – 15ත් වයස් වල පසුවන බවයි පැවසෙන්නේ.

මෙම දරුවන් තිදෙනා ඊයේ පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා වලින් හෙළිවන බව පොලිසිය පැවසූ අතර ත්‍රීවීල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ සිය නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා නැවත නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් විය.

කෙසේ වෙතත්, එම දැරියන් තිදෙනාම නැවතත් සිය නිවෙස් වෙත පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...