30.3 C
Colombo
Friday, April 26, 2024

කොළඹ දැරියන් තිදෙනකු අතුරුදහන්

- Advertisement -

කොළඹ 12 පදිංචි, බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇති බව ඔවුන්ගේ පියාගෙන් ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.

මෙම දරුවන් තිදෙනා ඊයේ පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා වලින් හෙළිවන බව පොලිසිය පවසන අතර ත්‍රීවීල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ සිය නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා මේ වනතෙක් නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියක වන අතර ඔවුන් තිදෙනා වයස අවුරුදු 13 – 15ත් වයස් වල පසුවන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් තොරතු‍රක් ඇතොත් පහත දුරකථන අංකය අමතන ලෙසයි පියා ඉලා සිටින්නේ.


RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...