29 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජන ඉහළට

- Advertisement -

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තර්ජන ඉහළ ගොස් ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා පවසයි.

ගෝවාහි පැවති කලාපීය ආරක්ෂක සමුලුවක් අමතමින් ඔහු සදහන් කළේ ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට අදාළ ගැටලු දිනෙන් දින සංකීර්ණ සහ වර්ධනය වෙමින් ඇති බවයි.

මේ හේතුවෙන් පෙර නොකළ ලෙස ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානයක් යොමුකිරීමට සිදුව ඇති බව ද ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා පෙන්වා දෙයි.

නව තාක්ෂණයෙන් සන්නද්ධව විවිධ රටවල ආණ්ඩුවල සහය ලබමින් කටයුතු කරන කණ්ඩායම්වලින් එල්ල වී ඇති තර්ජන විශේෂයෙන් සළකා බැලිය යුතු බව ද හෙතෙම මෙහිදී පැවසීය.

මෙවැනි ත්‍රස්තවාදී කල්ලි අන්තර්ජාතිකව ව්‍යාප්තව ඇති අපරාධ කල්ලි සමග එක්ව කටයුතු කරමින් ආරක්ෂාවට එල්ල කරන තර්ජන සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...