27 C
Colombo
Friday, May 3, 2024

බැසිල්ගේ මංගල අයවැය: අයවැය පරතරය බිලියන 1628 යි..!

- Advertisement -

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවන් මෙරට මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මාහතා විසින් ඊයෙ (12) දින ඉදිරිපත් කරන ලදි.

එම අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරුනේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලෙසයි.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන මංගල අයවැය වේ.

*පොහොසත් පුද්ගලයන් සහ සමාගම් වඩ වඩාත් දියුණු වීම සහ දුප්පතා තවත් දුප්පත් වීම
*තිරසාර සංවර්ධනය අඩාළ වීම
*ගෝලීය උෂ්ණත්වය ඉහළගොස් ස්වභාවික ආපදා වැඩිවීම
*බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය සහය අඩු වීම
*කොරෝනා නිසා බිහි වූ ආර්ථික ගැටලු

යන ගෝලීය අර්බුද 5ක් මැද මෙම අයවැය ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පවසා සිටියේ.

කෙසේ නමුත්, එම අයවැයට අනුව, 2022 වසරේ අපේක්ෂිත සමස්ත ආදායම රුපියල් බිලියන 2284 ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3912 කි.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 1628 ක් හෙවත් 8.8% කි.

අපේක්ෂිත ආදායමෙන් බිලියන 1987 ක් බදු ආදායම් වන අතර ඉන් බිලියන 1031 ක්ම භාණ්ඩ හා සේවා මත පනවන බදු වේ.

2022 අයවැය යෝජනාවලියේ සාරාංශය පහතින්,

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...