30 C
Colombo
Saturday, May 4, 2024

ජනාධිපති එක්ක ගැටුමක් නෑ – බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා

- Advertisement -

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා සහ තමන් අතර කිසිඳු ගැටුමක් නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කෙසේ නමුත් නිවැරදි දේ කිරීමට නොහැකි වුවහොත් ‘වෙන අතක් බලාගන්නා’ බවයි ඔහු පවසන්නේ.

ඒ, අද (15) සෞඛ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කිරීම සම්බන්ධව කටයුතුවල පූර්ණ බලය විෂය භාර ඇමතිවරයා ලෙස තමන්ට පැවරී ඇති බවත් අදාල නිලධාරියා තීන්දු කිරීම සහ පත්වීමේ ලිපිය අස්සන් කර භාරදීම සිදුකළේ ද තම අස්සනින් බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එම පුරප්පාඩුව ඇති වූ අවස්ථාවේදී කැඳවීම් වගයක් කරලා තිබුණා. යම්කිසි විදියේ තෝරාගැනීමක් තාවකාලිකව ඉදිරිපත් වුණා. ඒක විශ්ලේෂණය කළ විට ඒ වෙලාවේ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා ඒ සුදුසුයි කියන නිලධාරියාගේ සුදුසුකම්වල යම්කිසි විදියක අඩුවක් පෙන්නුම් කළාට පසුව මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා. මම ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා. අපි එකඟතාවයක් එක්ක ඒ සුදුසුකම් සියල්ල තියෙන කෙනෙක් පත්කිරීමට අපි තීන්දු කළා.

ඒ විෂය සම්බන්ධව යම් යම් සුදුසුකම් තිබෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මණ්ඩලය සහ ඇමතිවරයාගේ එකඟතාවයත් ඇතිව පත්කිරීමයි එහි තියෙන්නේ. එහි සඳහන් වෙනවා කෙසේ වෙතත් ඇමතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැදී සිටිනවා කියලා. යම් පරස්පරයක් තිබුණා ඒක මම නතර කළා”


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...