30 C
Colombo
Thursday, May 2, 2024

තරුණයෙක් මියයෑමේ සිදුවීමට පනාමුරේ පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

- Advertisement -

පනාමුරේ පොලිස් ස්ථානය තුළදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 03ක් අනුයුක්ත කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොතයාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට ඊයේ වාර්තා වුණා.

පොලීසිය පැවසුවේ එම සැකකරු රෝහල් ගතකිරීමේදී මියගොස් සිටි බවයි.

එම සිද්ධිය සැලවීමත් සමග කුපිතවූ ප්‍රදේශවාසීන් අද (17) පෙරවරුවේ පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල කළා.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ අවධානය යොමු කළා.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...