27 C
Colombo
Thursday, May 2, 2024

තාමත් ආණ්ඩුවෙන් වකුගඩු රෝහලට අධ්‍යක්ෂක කෙනෙක්වත් පත්කරලා නැහැ – මෛත්‍රිපාල

- Advertisement -

චීන ජනරජයේ පරිත්‍යාගයක් මත තමන්ගේ පාලන සමයේ සාදා නිමකරන ලද පොළොන්නරුවේ වකුගඩු රෝහලට තවමත් අධ්‍යක්ෂකවරයෙක් පත්කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර නොමැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කරනවා.

පාර්ලිමේන්තුවේදී අද (17) අයවැය විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ රසායනික පොහොර තහනමින් රටම කාබනික පොහොරවලට හුරුකළ පසුව එම රෝහල ප්‍රයෝජනයක් ඇති රෝහලක් නොවන බවට ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන බවයි.

රජරට පවතින හදුනානොගත් වකුගඩු රෝගය සදහා පමණක් එම රෝහල නිර්මාණය නොකල බවත් මෙරට පවතින් සිය ගණනක් වන වකුගඩු රෝග සදහා එම වකුගඩු රෝහල නිර්මාණය කල බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

මේ වන විටත් එම රෝහලේ විකිරණ අංශය, රසායනාගාර මෙන්ම කෝටි 15 ක් පමණ වටිනා CT ස්කෑන් යන්ත්‍රයද භාවිතයට නොගැනීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව මෛත්‍රිපාල මහතා පවසනවා.

මීට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...