27 C
Colombo
Tuesday, May 7, 2024

තිස්ස කුට්ටිආරච්චිගේ අශෝභන කතාවට කතානායකවරයාගේ විරෝධය

- Advertisement -

පසුගිය 22 වනදා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණී කවිරත්න මහත්මිය ඇතුළුව තවත් කාන්තාවන්ට සිදුකළ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කතානායකවරයා සිය විරෝධය පලකර තිබෙනවා.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාට දැඩි අවවාද සිදුකරන බව කතානායකවරයා නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්,

2021 නොවැම්බර් 20 දින අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ සහ පාර්ලිමේන්තුවෙන් පිටස්තර කාන්තාවකගේ  නම් සඳහන් කරමින් මෙම උත්තරීතර සභාවට අගෞරවයක්  වන අයුරින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් සිදු කරන ලද කථාව සම්බන්ධයෙන් ද, ඊයේ දින එනම් නොවැම්බර් 22 දින උදෑසන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදය විසින් මා හමුවීමෙන් අනතුරුව ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ඒ සිද්ධිය පිළිබඳව සභා ගර්භයේදී මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කර ඒ සම්බන්ධ‍යෙන් මෙම ගරු සභාවේ විශේෂ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ගරු තිසකුට්ටි ආරච්චි මහතා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභා ගර්භයේදී කරන ලද එම අශෝභන කථාව පිළිබඳව මාගේ කනගාටුව  ප්‍රකාශ කරන අතරම මෙවැනි අයෝග්‍ය අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාස කරමින් කරනු ලබන කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිසකුට්ටි ආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.

තවද, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරයන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන්නේ නම්, ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වාගෙන යාම සදහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මට සිදු වන බව ද මෙයින් අවධාරණය කරමි.


RECENT ARTICLES - SINHALA

වසා දැමූ කිරි කම්හල වහා අරින්න

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මරදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව...

ව්‍යාපෘති 11ක වැඩ ඉක්මන්ට ඉවර කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී...

කල්නාට්කුලම් ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ආරවුලක් දුරදිග යාමෙන් කෝප වූ බැනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබෙනවා. ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....