26 C
Colombo
Wednesday, May 8, 2024

චම්පික, අර්ජුන, නවීන් සජබට?

- Advertisement -

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය වෙත එක් වීමට සූදානම් වන බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ වාර්තා කර ඇත.
 
 එහි අවසන් තීරණය ලබන බදාදා (09 වැනිදා) ගැනීමට නියමිත බව එහි සඳහන්ය.
 
 මෙම එක්වීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් මේ වන විට පවත්වා ඇති අතර එහි අවසන් සාකච්ඡාව එදින සිදු කෙරේ.
 
 එහි දී සමගි ජන ජනබලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය වුවහොත් පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සමගි ජන බලවේගය වෙත එක්වීමට නියමිතය.
 
 එසේම එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, අර්ජුන රණතුංග යන මහත්වරු ඇතුළු තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් පිරිසක් සමගි ජන බලවේගය වෙත එක්වීමට මේවන විට කැමැත්ත පළකර ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.
 
 ඔහු සමගි ජන බලවේගය වෙත එක් වුවත් ජාතික හෙළ උරුමය විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවත් එය පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ නායකත්වය යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් තවදුරටත් වාර්තා වේ.
 
 මෙම පිරිස සමගි ජනබලවේගයට එක්කර ගැනීමත් සමග පක්ෂ ව්‍යවස්ථාව ද වෙනස් කර බලය විමධ්‍යගත කිරීමට පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ වී ඇත.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...