28 C
Colombo
Sunday, May 5, 2024

මුළු අවුරුද්දෙම නාඩු රු. 105ට දෙනවා – ඇමති බන්දුල

- Advertisement -

වෙළඳපොලේ සහල් මිල කෙතරම් ඉහළ ගියද ඉතා අඩු මිලට සහල් අලෙවි කිරීමට සතොස හරහා කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (13) දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ඒ අනුව, මෙම වසර අවසන් වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් සහ සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

වසර අවසානය තෙක් ඊට වඩා සතයක් හෝ මිල ඉහළ නොදමන බවත් ඒ පිළිබඳව වගකීම වෙළඳ අමාත්‍යවරයා ලෙස තමා බාර ගන්නා බවත් ඉදිරි කාලයේදී සතොස අලෙවිසැල්වල අලෙවි කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් සහල් තොග මේ වනවිටත් රැස් කරගෙන ඇති බවත් ඔහු පවසනවා.

මේ අතර, සතොස හරහා මුං ඇට කිලෝවක් රුපියල් 225 බැගින් අලෙවි කරන බවද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුව ගොවීන්ගෙන් රුපියල් 450 බැගින් මුංඇට මිලදී ගන්නා නමුත් රුපියල් 225 බැගින් එම මුංඇට අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත්, එම උපදෙස් අනුව පාඩුව දරා ගනිමින් රුපියල් 225 බැගින් සතොස අලෙවිසැල්වල මුංඇට අලෙවි කරන බවත් ඇමතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...