32 C
Colombo
Wednesday, May 8, 2024

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

- Advertisement -

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

මාලාව අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු වන අතර මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එම මාර්ගෝපදේශයන්හි සඳහන් වේ.

එමෙන්ම මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායනය වීමකට බඳුන් වීමට අවශ්‍ය වුවහොත් නිවෙස් නිරෝධායනයට ඉඩ ලැබෙන අතර අවශ්‍ය නම් රජයේ කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක හෝ හෝටලයක නිරෝධායනය වීමට අවසර ලැබෙනවා.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ

RECENT ARTICLES - SINHALA

නාන තටාකයකට වැටී හෝටල් සේවකයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ  මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ,...

නුවරඑළිය තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන...

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...