32 C
Colombo
Saturday, May 4, 2024

පුළුවන් නම් කා පාන්- පාන් ගණන් යනවාලු

- Advertisement -

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා ඇත.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200 ක බද්ධ රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවය.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර පවතින ගැටලුව පිළිබද බලධාරීන් දැනුම්වත් කරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

“මාස 6කට පෙර ලංකාවේ මාගරින් කිලෝවක් 200ක බද්ධ රුපියල් 600 දක්වා වැඩි කරා. බද්ධ වැඩි කළා කියන්නේ මාගරින් ලංකාවට ගෙන්වීම තහනම් කරා හා සමානයි. මේ තීරණය ගත්තේ ලංකාවේ තියෙන නිෂ්පාදකයින්ගේ ඉල්ලීම මත තමයි ගන්න ඇත්තේ. ලංකාවේ මේක දියුණු කරන්න ඕනේ කියලා තමයි අපිට කිව්වේ. දැන් අපිට ආරංචි හැටියට ජනවාරිවල තවත් වැඩිවෙනවා. මේකේ අහිතකරම ප්‍රතිඵලය තමයි, මාගරින්වලට අමතරව බේකරිවලට ඒ වගේම අවශ්‍ය වෙනවා මේදය. නමුත් ඒකේ රුපියල් 600 මාස 6කට අත්හිටවු නිසා මෙච්චරකල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් මේ දෙසැම්බර් මාස 20 න් පස්සේ මාස 6 අවසන් වෙනවා. පිටරටින් ආනයනය කිරීම මේ වන විට නවත්වලා තියෙන්නේ. බදු ගහයි කියලා බයට. මේ පිළිබඳ යම් විසඳුමකට එන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් බේකරි නිෂ්පාදනවල මිල ලබන වසරේ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවෙනවා.“ 

RECENT ARTICLES - SINHALA

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...