25 C
Colombo
Saturday, May 18, 2024

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

- Advertisement -

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ තරඟයේ සංවිධායකයින් උත්සවය පැවැත්වීම සඳහා දුර්වල ලෙස සූදානම්ව සිටි අතර ආරක්ෂක පියවර නොගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සංගමය පැවසුවේ, දුහුවිලි වැලැක්වීම සඳහා ධාවන පථයට ජලය ලබා දෙන ලෙසත් දෘශ්‍යතාවට බාධාවක් නොවන බවට වග බලා ගන්නා ලෙසත් තම සාමාජිකයන් විසින් දිගින් දිගටම කළ ඉල්ලීම් බලධාරීන් එම ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි.

සාමාන්‍යයෙන් ෆොක්ස්හිල් සහ අනෙකුත් ධාවන පථවල සෑම ඉසව් 3කට වරක් වත් ජලය දැමීම සිදු කෙරුණත් කොතෙක් ඉල්ලීම් කළද මෙදින ධාවන පථයට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොදැමීම මෙම මාරක අනතුරට ප්‍රධාන හේතුවක් වූ බව රේසිං ධාවකයින්ගේ සංගමය තවදුරටත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපති...

තවත් ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...