32 C
Colombo
Monday, May 6, 2024

පාකිස්තානයේ ව්‍යාජ සහයෝගීතාව හෙවත් කාශ්මීර සහයෝගීතා දිනය

- Advertisement -

දකුණු ආසියානු කලාපයේ නව රාජ්‍යයක් බිහි කිරීමේ පාකිස්තානු අභිප්‍රාය ක්‍රියාවට නැංවීමේ පියවරක් ලෙස සැලකිය හැකි කාශ්මීර සහයෝගීතා දිනය මහත් ඉහළින් සමරන්නට දරුණු ආර්ථික අවපාතයකට රට හෙළා දැමූ ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව මෙවරත් පියවර ගෙන තිබුණා.

කාශ්මීර ජනතාව සමඟ සහයෝගීතාවය නිරූපණය කිරීම සඳහා පකිස්ථානය විසින් “කාශ්මීර සහයෝගිතා දිනය” සෑම වසරකම පෙබරවාරි මස 05වැනිදා සමරනු ලබනවා.

පාකිස්ථානය කාශ්මීර දිනය සැමරීමේ ආරම්භය 1990 දශකය තරම් ඈත අතීතයට දිව යනවා.

ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර කොටසේ වැසියන්ට සිය සහයෝගය සහ එකමුතුකම පෙන්වීම සහයෝගීතා දිනය සමරන පාකිස්ථානයේ ප්‍රධාන අරමුණයි.

ඊට අමතරව ඉන්දියාවෙන් වෙන්වීමට කාශ්මීර බෙදුම්වාදීන් දරණ ප්‍රයත්නයට සහය පළ කිරීම සහ ගැටුම්වලින් මියගිය කාශ්මීර වැසියන්ට බුහුමන් පුදකිරීමද කාශ්මීර සහයෝගීතා දිනයේ අරමුණු අතර වනවා.

තහනම් සංවිධානයක් වන ජමාතේ ඊ ඉස්ලාමි පාකිස්ථාන් සංවිධානයේ නායක ක්වාසි හුසෙයින් අහමඩ් විසින් 1990දී කාශ්මීර සහයෝගීතා දිනය පිළිබඳ යෝජනාව පළමුවරට ඉදිරිපත් කළා.

ඒ අනුව 1991 සිට මෙම දිනය සැමරීම ආරම්භ වුණා.

මෙවර පෙබරවාරි 5 වැනිදා සෙනසුරාදා දිනයක් වන බැවින් පාකිස්ථානුවන් ඊයේ (සිකුරාදා – පෙබරවාරි 04) නිල වශයෙන් කාශ්මීර සහයෝගීතා දිනය සැමරුවා. ඒ වෙනුවෙන් රට පුරා මහජන රැළි සහ තවත් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා. ඒ අනුව පෙරවරු 10ට සමස්ත පාකිස්ථානයම විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් කාශ්මීර දිවි පිදූවන් සිහිපත් කළා. එමෙන්ම මිනිස් දම්වැලක් නිර්මාණය කරමින් පාකිස්ථානය සහ කාශ්මීරය අතර සබඳතාව සංකේතවත් කෙරුණා. ඉස්ලාමාබාද් නුවරදී ප්‍රධාන වැඩසටහන පැවැත්වුණේ විදේශ අමාත්‍ය ෂා මහම්මුද් කුරේෂිගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව කරච්චි, ලාහෝර්, පේෂාවර් හා ක්වෙට්ටා නගරවලද කාශ්මීරයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙලා දකින මහජන රැළි, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධාන කර තිබුණා. මෙවර වැඩසටහන් බොහෝමයක් සංවිධාන කර තිබුණේ ජමාතේ ඊ ඉස්ලාමි පාකිස්ථාන් සංවිධානයයි.

කාශ්මීර සහයෝගීතා දිනය යෙදෙන පෙබරවාරි 5 වැනිදා පාකිස්තානයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන අතර පාකිස්ථානුවන් නිවාඩු ලබා ගන්නේ දකුණු.ආසියාවේ අලුත් රාජ්‍යයක් බිහි කිරීමේ සිහිනයට පණ පෙවීම සඳහායි.

ඉන්දියාවට එදිරිවාදීකමක් කිරීමට ඇති අවස්ථා පාකිස්තානය කිසි විටෙකත් අත් නොහරින අතර ඊට වස්තු විෂයක් සොයාගත නොහැකි නම් එවැන්නක් නිර්මාණය කර හෝ ඒ සදහා පදනම සකසා ගැනීම පාකිස්තානයේ උත්සාහයයි.

එබැවින් කාශ්මීර සහයෝගීතා දිනය යනු පාකිස්ථානුවන් ඉන්දීය විරෝධී සටන් පාඨ අතට ගන්නා දිනයක්.

ඒ අනුව ඔවුන් මෙම දිනය ඉන්දියාව සමග සිය පසමිතුරු බව වර්ධනය කිරීම සදහා සිය ජනතාව පොළබවන දිනයක් බවට මෙය පත් කරගෙන තිබෙනවා.

කාශ්මීර දිනය , කාශ්මීර වැසියන් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා වන දිනයක් වන නමුත් පාකිස්තානය පුරා දක්නට ලැබෙන්නේ සහ ඇසෙන්නේ ආක්‍රමණශීලී කතා, ඇමතිවරුන්ගේ වාචාල ප්‍රකාශයි. ඉන්දීය විරෝධී සහ කාශ්මීර වැසියන්ට සහය පළ.කරන නව ගීත, එමෙන්ම තර්ජනාත්මක ට්විටර් හා ෆේස්බුක් සටහන් සමාජ ජාල පරා සංසරණය වන දිනයක්. මේ සියල්ල පාකිස්තාන දේශපාලන  බල අධිකාරිය විසින් හසුරුවන බව නොරහසක්.

1949 ජනවාරි 5 වැනිදා ඉන්දියාව සහ පාකිස්තානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසම යෝජනාව අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම⁣ට පාකිස්තානය ගත් උද්දච්ච තීරණය කාශ්මීර අර්බුදය ඉන්දු – පාකිස්තාන ද්විපාර්ශ්වික ගැටලුවක් බවට පරිවර්තනය කරනු ලැබුවා.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර වේදිකාවේ පවා මාතෘකාවක් වූ කාශ්මීරය තවත් පලස්තීනයක් බවට පත්වීම වලක්වා ගැනීමට කළ හැකි සියලු දේ කිරීමට ඉන්දීය නායකයන් පසුබට වූයේ නැහැ.

පාකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින ජම්මු කාශ්මීරය (PoJK), ගිල්ගිට්-බෝල්ටිස්තාන් (PoGB) සහ ලඩාක් ඇතුළු කාශ්මීර නිම්නයේ ප්‍රචණ්ඩත්වය දිගටම අවුලුවාලීමට පාකිස්තානය ලැජ්ජා සහගත ලෙස කටයුතු කරමින් සිටිනවා.

පකිස්තානය මෑතක සිට කාශ්මීර නිම්නයේ ව්‍යාජ නොසන්සුන්තාවක් ඇවිලවීමට උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති අතර සීමාව හරහා ත්‍රස්තවාදීන්ට ඔබ මොබ සැරිසැරීමටද අවස්ථාව උදාකර ඇති බව ඇතැම් වාර්තා වල සදහන්.

අද වනවිට ඇවිලෙන කාශ්මීරයට පුළුන් ළං කරන්නේ චීනයයි. මේ වනවිටත් චීනය කලාපීය ආර්ථික හා බල ව්‍යාප්තියේ දී පාකිස්තානය තුළ තීරණාත්මක භුමිකාවකට අවතීරණය වී තිබෙනවා. විශේෂයෙන්ම චීනයේ එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය තුළ පාකිස්තානය සුවිශේෂී සාධකයක්. එවන් පසුබිමක දකුණු ආසියව තුළ සිය ආධිපත්‍යය පැතිරවීමේදී ජම්මු – කාශ්මීරය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබීම චීනයට හැම අතින්ම වාසි සහගත තත්ත්වයක් වන බවට සැක නැහැ. ඒ අනුව සෘජුව සහ වක්‍රව ද කාශ්මීරය ඉන්දියාව⁣ට හෝ පාකිස්තානයට අයත් නොවන වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමේ වාසිය ඇත්තේ බලලෝභී සුළුතර කාශ්මීර නායකයින් යැයි කියාගන්නා පිරිසකට සහ චීනයට පමණයි.

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැඟී ඇති ජනතා අප්‍රසාදය සහ රට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාජ දේශානුරාගයක් හරහා ජනතාවගේ අවධානය වෙනත් දිශානතියකට යොමු කිරීම මේ මොහොතේ පාකිස්ථාන ආණ්ඩුවට අත්‍යවශ්‍ය තත්ත්වයක්. ඒ සඳහා සුදුසුම හා ඇති එකම විකල්පය කාශ්මීර අර්බුදයයි. එවැනි මොහොතක අතිවිශාල රාජ්‍ය අනුග්‍රහයක් යටතේ කාශ්මීර සහයෝගීතා දිනය සැමරීමට පාකිස්ථාන ආණ්ඩුව උත්සුක නොවී සිටීද? ඒ තුළින් පාකිස්ථාන පාලිත කාශ්මීරයේ වෙසෙන ජනතාවට ඕනෑම මොහොතක එල්ල විය හැකි ඉන්දීය ප්‍රහාරයක් පිළිබඳ පදනම් විරහිත අවදානමක් මැවීම ආණ්ඩුවේ උපක්‍රමයක්. එමෙන්ම කාශ්මීර වැසියන් දූෂණය කර සමූල ඝාතනය කෙරෙනු ඇති බවට ව්‍යාජ ප්‍රචාරයක් ද පතුරුවා හැර තිබෙනවා.

කාශ්මීරයේ පාකිස්ථාන පාලිත කොටසේ ජනතාව අන්ත දරිද්‍රතාවයේ ගිලෙමින් සියලු මානව හිමිකම් නොසලකා හැරීම් යටතේ1947 සිට පාකිස්ථාන හමුදා පාලනය යටතේ සිටින තත්ත්වයක ඉන්දු කාශ්මීර වැසියන් සමඟ සහයෝගීතාවක් පිළිබඳ සාකච්ඡා කිරීම පාකිස්තානයේ නිර්ලජ්ජිත පටු දේශපාලනයට මනා නිදසුනක්.

සත්‍ය  වශයෙන්ම,  පකිස්ථාන හමුදාවේ සහ එහි ප්‍රාදේශීය ආරක්ෂකයින්ගේ කුරිරු බලපෑම් යටතේ ජීවත් වන පාකිස්තාන පාලිත ප්‍රදේශවල ජනතාවට  ලෝකය සමග සහයෝගීතා දිනයක් සැමරීමට පැහැදිලිවම අවශ්‍ය වී ඇති කරුණක්.

විදුලිය, ජලය, ආහාර, විශ‍්‍රාම වැටුප්, මෙන්ම ප‍්‍රකාශනයේ නිදහස වැනි මූලික මානව හිමිකම් හිඟකමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

පෙබරවාරි  5 වැනිදා ‘කාශ්මීර දිනය’ යනු පාකිස්තානය විසින් රචනා කරන ලද කාශ්මීරය පිළිබඳ ත්‍රාසජනක පොතේ තවත් එක් පරිච්ඡේදයක් පමණයි.

බැලූ බැල්මටම එය හුදෙක්ම පීඩාවට පත්ව සිටින පාකිස්තාන පාලිත කාශ්මීර ප්‍රදේශවල වැසියන්ට හා ලෝක වාසීන්ට කරන වංචාවක්.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...