33 C
Colombo
Friday, May 3, 2024

වංචා හෙළිකළ රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

- Advertisement -

රූපවාහිනී සංස්ථාව තුළ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් කළකිරුණු එම සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය කාලය පුරාවටම එම සංස්ථාව තුළ සිදුවන අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් හීන්කෙන්ද මහතා සිය විරෝධය පලකර තිබුණා.

රූපවාහිනී සංස්ථාවේ ඇතැම් සේවකයින් උදෑසන රැකියාවට පැමිණ ඇඟිලි සලකුණ තබා ආයතනයෙන් පිටව යන අතර පසුව ඔවුන් පැමිණෙන්නේ යළිත් සේවය අවසන් කිරීමට සවස ඇඟිලි සලකුණ තැබීමට බවයි වාර්තා වන්නේ.

රාජකාරී කාලය තුළ සිය පෞද්ගලික කටයුතු සිදුකරගැනීමට එම සේවකයින් කටයුතු කරන බවත් ඒ් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විරෝධය පලකර බවත් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව ඔහුට කාන්තාවන් සමඟ විවිධ සම්බන්ධකම් ඇතැයි රාවයන් ප්‍රචාරය කරමින් ඔහුව දිගින් දිගටම අපහසුතාවයට පත්කිරීමට ඇතැම් බලධාරීන්ද කටයුතු කර ඇති බවට News19 වෙත වාර්තා වුණා.

මෙම තත්ත්වය පාලනය කර විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සති දෙකක කාලයකට එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...