33 C
Colombo
Friday, May 3, 2024

රූපවාහිනී ලාංඡනයෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවතට

- Advertisement -

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිල ලාංඡනය නව පාලනාධිකාරිය යටතේ වෙනස් කොට තිබෙනවා.

ඒ අනුව එහි මෙතෙක් කලක් තිබූ හැඩය සහ ‘රූපවාහිනී’ ලෙස භාෂා ත්‍රිත්වයෙන් තිබූ සටහන මීට දින කිහිපයකට පෙර වෙනස් කිරීමට ලක්කර ඇති බව දැකගත හැකියි.

නව සංකේතය මගින් මෙතෙක් කලක් පැවති දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවත්කොට සිංහල භාෂාව පමණක් යොදා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරිය මෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ විලාශයද නව පාලනය යටතේ වෙනස් කර තිබෙනවා.

කෙසේ වෙතත් රූපවාහිනි ලාංඡනයෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවත්කිරීම පිළිබදව එම සංස්ථාවේ සේවකයින් දැඩි කළකිරීමට පත්ව තිබෙනවා.

රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙරට අනෙකුත් භාෂා නොසලකා හැරීමට හිටිහැටියේ කටයුතු කිරීම සංහිදියා සංකල්පයට මෙන්ම රජයේ ප්‍රතිරූපයටද දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද හානි කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාතික රූපවාහිනිය මෙරට ජාතික නාලිකාව වශයෙන් 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරනු ලැබූවා.

1982 පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් සිය සේවාව ආරම්භ කොට මේ වන විට වසර 40 ක් ගෙවී තිබෙනවා.

ජපන් ජනතාවගෙන් ශ‍්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ආයතනය ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලෙස සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි භාෂා ත‍්‍රිත්වයෙන්ම සිය සේවා පවත්වාගෙන යනු ලබනවා.

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා මෙම වසරේ ජනවාරි මස පත්කරනු ලැබූවා.

ඒ එහි හිටපු සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟයි.

සියලු ජාතීන් හා සියලු භාෂාවන් එක හා සමාන බවත් ලංකා පවුලේ අපි සියලුම දෙනාම නෑදෑයන් බවත් කියැවෙන ජාතික රූපවාහිනියේ තේමා ගීතය පහතින්,


RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...