28 C
Colombo
Sunday, May 5, 2024

කොවිඩ් ආසාදිතව මියගිය ලාබාලතම දෙවනි මරණය වාර්තා වේ

- Advertisement -

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි දින 46ක් වයසැති බිලිඳෙකු දෙසැම්බර් 18 වන දින මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය පවසා ඇත.

බිලිඳාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබු බවත් උත්පත්තියේදීම පෙනහළු ආශ්‍රිතව හටගෙන තිබු නියුමෝතෙරෙක්ස් රෝගයෙන් පෙළෙමින් සිටිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

ඒ අනුව මෙය මෙරටින් වාර්තා වන දෙවන ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය ලෙස සැලකිය හැකි වනවා.

කෙසේ වුවත් මෙම මරණය කොවිඩ් වෛරසයේ සෘජු බලපෑම මත සිදුවූවක් නොවන බව පැවසූ රෝහල් අධ්‍යක්ෂකවරයා බිලිඳා නියුමොතෙරෙක්ස් රෝගයෙන් පිඩා විදීම ඊට හේතුව බව සඳහන් කර සිටියා.

මෙම දින 46ක් වයසැති බිලිඳා කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙන අතර දරුවාගේ සිරුර 18 දින සවස බොරැල්ල කන්තතේදී ආදාහනය කර ඇති බවත් ඔහු පවසා ඇත.

මිට සති දෙකකට පමණ ඉහතදී ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 20ක් වයසැති බිළිදෙකු කොවිඩ් වෛරෙසය ආසාදනය වීම සහ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...