බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාට පහර දී ඝාතනය කළ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ කළුබෝවිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ (21) රාත්‍රියේ පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී මෙම පුද්ගලයාව ඝාතනය කර තිබුණා.
රියදුරුගේ නිවස ඉදිරිපිට අධික ශබ්ද නගමින් ධාවනය කරන ලද යතුරු පැදියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යතුරුපැදිකරු රියදුරාට පිහියකින් ඇන පළාගොස් තිබුණා.
කෙසේවෙතත් පසුව රියදුරාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වුණා.