28 C
Colombo
Saturday, May 4, 2024

පාසල් දරුවෙකු අපයෝජනය වන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹේ

- Advertisement -

සමාජ මාධ්‍යයේ ඉමහත් කතා බහකට ලක්වූ ගුරුවරයෙකු පාසල් දරුවෙකුට පහරදීමට සූදානම් වන දර්ශනය ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ වීඩියෝවේ ඇතුළත් පාසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර, එය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කළ බවයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසන්නේ.

දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීම නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් අදාළ ආයතන සමඟ එක්ව ආරම්භ කරන බවත් සභාපතිවරයා පවසනවා.

එම දරුවා සජීවී වැඩසටහනකට ගෙන්වා ලෝකයටම නිරාවරණය කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී නාලිකාවට හා නිවේදක රංගන ද සිල්වා මහතාට දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය හරහා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ විකාශය වූ හිත ඉල්ලන තරු වැඩසටහනට වෙනත් ආරාධිතයන් පිරිසක් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...